මියැදෙමින් වුන් මසිතට හුස්ම පොදක් වූ දයාබර ඔබට.....

මියැදෙමින් වුන් මසිතට හුස්ම පොදක් වූ දයාබර ඔබට.....

Friday, February 1, 2013

෴ සතුට ෴


අපි දෙයක් ලබාගෙන
ලබන සතුටට වඩා
කෙනෙක්ට ලබාදෙන දෙයකින්......
ඒ කෙනා සතුටු වෙන විදිහ දැකලා
හිතට දැනෙන සතුට
වචන වලින් පහදල කියන්න
බැරි තරමයි......






෴ ලැබීම් සහ නොලැබීම් ෴

යම් දෙයක් නොලැබී යද්දී
දැනෙන දුක වැඩිවෙන්න
ඒ ගැන අපි තියාගන්න
බලාපොරොත්තුවේ තරමටයි....

හැමදෙයක් ගැනම
උපේක්ෂාවෙන් බලන්න... දරාගන්න...
අපිට පුළුවන්නම් හිතට දැනෙන
අහිමිවීමේ නොලැබීමේ දුකත්
ගොඩක් දුරට අඩු වේවි....




෴ හිමි වූ පැතුම ෴


           සසරේම පැතුම් ගෙන ආව ලෙස ළං වෙලා
    ඔයාවිත් මගේ ළඟ හැබෑවට නැවතුනා
      මල් සිනා අරන්විත් නින්ද නැති රෑ පුරා
     සිනා සී සුවඳ දී මගෙ ලොවම සැරසුවා

නවමු පැතුමක් අරන් විත් හදවතේ
පහන් වැට වගේ දැල්වුනා හදවතේ
   පරව නොයනා මලක් වී හද කොනේ
  වැතිරුනා සිනාසී ඔබේ හද පුදසුනේ

‍    නිමල සුවඳින් සිතින් හමනා ඔබේ
       රෝස සුවඳක්ව දැනුනේ නිරන්තරේ
      නිශා ඉම පුරා විත් දසත සක්මන් කළේ
 ඉතින් රැදෙනෙමි ඔබ සිත් ගමන් හලේ
           
           



෴ නොලද පැතුම ෴

සිනහ නඟන කල
ලොවට පෙනෙන්නට
හිතන්නෙපා මම
තුටින් කියා.....

මොනව කරන්නද
ඔබම පතයි සිත
සැනසෙන්නද මම
කාට කියා.....

මා පෙම් කෙරුවට
ඔබ දුන් දඩුවම
දරන්න බෑ තව
අසනු නියා.....

එනවද දවසක‍
සනසා මා සිත
එතකින් සැනසෙමි
නුවන් පියා.....